ඉන්දියාවට එරෙහිව සිය මංගල විස්සයි 20 තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ අද පැවති තෙවන විස්සයි 20 තරගයේදී ඉන්දිය කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කරමින්.
ලකුණ 82ක් වැනි ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් පමණ දැවී තරගය ජය ගනු ලැබුවා. ඒ අනුව තරග තුනකින් යුත් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවා.
කොවිඩ් අවදානම හේතුවෙන් පළපුරුදු ක්‍රීඩකයින් 09 දෙනෙකු ගෙන් තොරව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට වනිදු හසරංග ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි තර්ජනයක් තරගයේ ආරම්භයේ සිටම එල්ල කරනු ලැබුවා.
වනිදු හසරංග සිය පන්දු ඕවර 4 තුලදී ලකුණු 9ක් පමණක් ලබා දෙමින් ඉන්දීය කණ්ඩායමේ කඩුලු 04ක් දවා ගැනීමට සමත්වූවා.
2019 වර්ෂයේදී දසුන් ශානක විසින් පකිස්ථානයට එරෙහිව තරග 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව ලැබූ පළමු විස්සයි 20 තරගාවලි ජයග්‍රහණය මෙයයි.
Thanks to the Indian team led by @SDhawan25 for completing the tour without abandoning it despite all the issued faced due to Covid. #Respect #Brotherhood #SLvIND 🏏🇱🇰🇮🇳 @SLCricketLive @SLCPresident @OfficialSLC pic.twitter.com/RivXzG6RAO
— Rushdy Nizar (@rushdy_nizar) July 30, 2021