“මෙය හොඳ මුලපිරීමක්, ඒ වගේම පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තමයි සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින් බිහිවන්නේ. ශ්‍රී ලංකාවේ සියලුම ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුම බිහිවී තිබෙන්නේ පාසැල් ක්‍රිකට් පාදක කරගෙනයි” – ක්‍රිකට් විස්තර විචාරක සහ ක්‍රිකට් විශ්ලේෂක සමීර් යූනුස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට සහ දරුවන්ට ක්‍රීඩාව පුහුණු කිරීමට අවස්ථාව ලබා දීම සඳහා ශ්‍රී ලංකාව පුරා පාසල් 650 කට අධික සංඛ්‍යාවකට ක්‍රිකට් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා දියත් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ තරගාවලි සඳහා ක්‍රීඩා කරන පාසල් සඳහා ක්‍රිකට් උපකරණ ප්‍රදානය කිරීම මෙම වැඩසටහන මගින් සිදු කෙරේ. 19න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන පාසල් පනහක් මෙම වැඩසටහනේ සෘජු ප්‍රතිලාභීන් වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපති කේ. මතිවානන් මහතා මෙම පියවර “විශිෂ්ට” බව පැවසූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර ද මෙවැනිම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දුන් අතර පාසල් ක්‍රිකට් උපකරණ මිලදී ගැනීමට නොහැකි පාසල් සිසුන්ට මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් බව සඳහන් කළේය.

“ක්‍රිකට් යනු නොයෙකුත් ආරක්ෂක ආම්පන්න අවශ්‍ය ක්‍රීඩාවක් බව දන්නා කරුණකි. සමහර වෙලාවට ගම්බද මිනිස්සුන්ට මේක දරාගන්න බැරි දෙයක් වෙන්න පුළුවන්. කොහොම නමුත්, පහසුකම් නොමැතිකම නිසා දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් දුරස්ථ කිරීම සිදු නොවිය යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සඳහා උපකරණ සහ වැදගත් මෙවලම් ලබා දෙන ජාතික මංපෙත් වැඩසටහන දියත් කරන්නේ එම නිසයි. මෙය අනර්ඝ මුලපිරීමක් වන්නේ එම ප්‍රදේශයන්වල ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ ළමයින්ට ඔවුන්ගේ දස්කම් පෙන්වීමට මෙමගින් මග පෑදෙන බැවින් සහ උපකරණ නොමැතිකම නිසා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔවුන්ව දුරස්ථ වීමට ඉඩ ලබා නොදෙනු ඇත. මෙම මුලපිරීම යටිතල පහසුකම් සහ උපකරණ සමඟ පාසල් සවිබල ගන්වයි. මෙය ඉතාම හොඳ පියවරකි, මන්ද ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ප්‍රදේශවලින් දස්කම් පෙන්වමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමට අවශ්‍ය මග පාදනු ඇත.” ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් විස්තර විචාරක සහ ක්‍රිකට් විශ්ලේෂක සමීර් යූනුස් මහතා A24 ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේදී මේ බවට අදහස් පල කර තිබේ.

“පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තමයි සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින් බිහිවන්නේ. ශ්‍රී ලංකාවේ සියලුම ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුම බිහිවී තිබෙන්නේ පාසැල් ක්‍රිකට් පාදක කරගෙනයි. අපි පාසල් පද්ධතිය ගැන සැලකිලිමත් විය යුතුයි, ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙම මුලපිරීම ඇගයීමට ලක්කළ යුතුයි. මෙම මුලපිරීම ක්‍රිකට් උපාංග පමණක් නොව, මෙම ක්‍රීඩාව සඳහා යටිතල පහසුකම් සපයන බැවින් මධ්‍ය කඩුලු, තණතිලි කඩුලු සහ මැටිං කඩුලු ද මෙම වැඩසටහන මගින් සපයනු ඇත. ඒ වගේම මම හිතන්නේ මෙය තිරසාර විය යුතු සහ ඉදිරියට ගෙන යා යුතු දෙයක්. මෙම වැඩසටහන ඇතැම් දිස්ත්‍රික්කවලට සීමා නොවනවා මෙන්ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සහ ගම්මානවල දිස්ත්‍රික්ක රාශියක් මෙම වැඩසටහන හරහා ආවරණය කරයි. එබැවින් එය හොඳ මුලපිරීමකි. මෙම වැඩසටහන හරහා ක්‍රිකට් ක්‍රීඩකයින් බිහි නොවූ ප්‍රදේශවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් දක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයින් එළියට ගෙන ඒමට දිගටම ක්‍රියා කරයි කියා මම අනුමාන කරමි. ඒ නිසා මම හිතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හොඳ වැඩසටහනක් දියත් කර තිබෙනවා කියලා.” ක්‍රිකට් විස්තර විචාරක සහ ක්‍රිකට් විශ්ලේෂක සමීර් යූනුස් ඒ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් පැවසීය.

වීඩියෝව නැරඹීම සඳහා පහත සඳහන් දිගුව වෙත පිවිසෙන්න 

A24