“අත්‍යාවශ්‍ය ඖෂධ 237ක සහ ජීවාරක්ෂක ඖෂධ 5ක හිඟයක්” – වෛද්‍ය වාසන් රත්නසිංහම් [වීඩියෝ]

රට මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය මධ්‍යයේ රෝහල්වල ඖෂධ සහ අත්‍යාවශ්‍ය සැපයුම් හිඟ වෙමින් පවතින බවට ශ්‍රී ලංකාව පුරා සිටින වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය අවධාරණය කරයි. රජය විසින් මිල ඉහළ දැමීමෙන් සියයට 29 දක්වා ඉහළ යෑමෙන් අනතුරුව අත්‍යාවශ්‍ය ඖෂධ මිල ගණන් මෙලෙස හදිසියේ ඉහළ යාම නිසා මෙම අර්බුධය හටගෙන තිබේ. රටේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා ආයතනයේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රජයේ මෙම ප්‍රතිපත්තිවලට එරෙහිව වීදි බසින් විරෝධතාවය පළ කිරීමට පටන් ගෙන තිබේ. රට පුරා රෝහල්වලට ජීවිතාරක්ෂක ඖෂධ සහ වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් අවශ්‍ය බව සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙයි.

“ඉන්ධන, පෙට්‍රෝලියම්, ගෑස් සහ අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා පෝලිමේ රැදී සිටින ජනතාව රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් පවතින අතර ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයක් පවතින බව වෛද්‍යවරුන් නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) වැටහී තිබේ. ජීවාරක්ෂක සහ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අත්‍යාවශ්‍ය ඖෂධ 237ක සහ ජීවාරක්ෂක ඖෂධ 5ක හිඟයක් පවතින බව වෛද්‍ය සැපයුම් අංශ සමඟ කළ සාකච්ඡාවේදී බලධාරීන් අනාවරණය කරගෙන ඇති අතර ප්‍රමාණවත් ඖෂධ කිහිපයක් සති කිහිපයකට පමණයි.ඉතින් මේ පසුබිම තුළ රටේ බොහෝ රෝහල්වල ශල්‍යකර්ම සහ අනෙකුත් සාමාන්‍ය රාජකාරි සහ වගකීම් නවතා තිබෙනවා.මෙය අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය නිසා සෞඛ්‍ය අංශ කඩාවැටීමට ආසන්න තත්ත්වයකට පත්වෙලා.” යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ප්‍රකාශක වෛද්‍ය වාසන් රත්නසිංහම් මහතා මෙලෙස අදහස් දැක්වීය.

වීඩියෝව නරඹන්න…

A24