අන්තරේ පාගමනට පොලිසිය කඳුලු ගෑස් ගහයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල විරෝධතා පා ගමන පාර්ලිමේන්තු  පිවිසුමට ඇතුල්වීම වළක්වාලීම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 

කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ දී එම මාර්ගයේ රථවාහන විශාල ප්‍රමාණයක් ධාවනය වෙමින් තිබූ අතර ඒවායේ ගමන් ගත් පිරිස ද දැඩි අපහසුතාවයට පත් වූහ .