“අපේ බේකරිය සතියක සිට වහලා. මේකට හේතුව ගෑස් හිඟකම. අපිට ගෙදර යන්නවත් සල්ලි නැහැ” – [වීඩියෝ]

යුක්රේන අර්බුදය සහා ජාත්‍යන්තර ගෑස් සැපයුම් දාමයේ තත්වය නරක අතට හැරීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යමින් පවතී. ඒ සමගම ශ්‍රී ලංකාවේද විශාල ගෑස් හිගයක් ඇතිවී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස බේකරි සහා ආපනශාලා අඛන්ඩව පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව පවතී. මේහේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන සපයාගැනීමෙදි දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුව ඇත. අදවනවිට රටේ විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 2.3 දක්වා එනම් 70% කින් පමණ දැවැන්ත වශයෙන් අඩුවීමත් සමඟ ශ්‍රී ලංකාව දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටී. ඒ අතරතුරදී රජය තම ජනගහනයට මූලික අවශ්‍යතා සැපයීමේ වගකීම් ඉටු කිරීම සදහා ඉමහත් වෙහෙසක් දරන බව දක්නට ලැබේ. ගෑස් හිඟය හේතුවෙන් බේකරි දහසකට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට සිදුවූ බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ගෘහස්ථ ගෑස් හිඟය හේතුවෙන් ඇතැම් නාගරික ප්‍රදේශවල පාන් මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. වෘත්තීය සමිති නායකයකු වන කුමාර නානායක්කාර පැවසුවේ, රජය අර්බුදය සමනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සෑහිමකට පත්විය නොහැකි බවය. අතයවශය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ජනතාවට දිගු පෝලිම්වල රැදී සිටීමට සිදුවීම ආදිය උදාහරණ වශයෙන් පෙන්වාදෙයි. බේකරි හිමියන් තම සේවා ඇනහිටීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර, තමන් සතුව ඇති ගෑස් සිලින්ඩර තොගය ප්‍රමාණවත් නොවන බවත්, ගෑස් සපයා ගැනීම ඉතා දුෂ්කර බවත් සඳහන් කරයි. බේකරි වැසීයාම හේතුවෙන් නැවත තම ගම්බිම් බලා යාමට තරම් මුදලක්වත් තමන් සතුව නොමැති බව ඇතැම් සේවකයින් සහ කම්කරුවන් පවසයි.

“අපිට රස්සාව නැති වුණා. අපේ බේකරිය සතියක සිට වහලා. මේකට හේතුව ගෑස් හිඟකම. අපිට ගෙදර යන්නවත් සල්ලි නැහැ.” යනුවෙන් බේකරි සේවකයෙකු වන නියාස් අමීන් මහතා පැවසීය.

වීඩියෝව පහතින් නරඹන්න …

A24