ඉරාකයේ කොවිඩ් වාට්ටුවක ගින්නකින් 50ක් මරුට

ඉරාකයේ රෝහලක කොරෝනා ආසාදිතයින් වෙන්කර ඇති වාට්ටුවක සිදුවූ ගින්නකින් 50 දෙනෙකු පමණ මියගොස් තිබේ.

එම ගින්න ඇතිවී තිබුණේ නසිරියා නගරයේ අල්-හුසේන් නම් රෝහලේය.

ගිනි නිවන අංශ මේ වනවිට ගින්න පාලනය කර ඇති බව වාර්තා වේ.

රෝහලේ ප්‍රධානියාව අත්අඩංගුවට ගන්නා ලෙස ඉරාක ජනාධිපති මුස්තාෆා අල්-කදේමි නියෝග කර තිබේ.

ඉරාක බලධාරීන් පැවසුවේ එම වාට්ටුවේ ඇඳන් 70ක් තිබූ බවත් එය ගොඩනගා තිබුණේ මීට මාස 3කට පමණ පෙර බවත්ය.