ඉසුරු සහ චමින්ද වාස්ගේ PCR වාර්තා එයි : ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ එක්දින තරගය නියමිත පරිදි අද පැවැත්වේ

දෙවන PCR පරීක්ෂණ වාර්තාවන් අනුව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ඉසුරු උදාන සහ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

නවක ක්රීඩක ශිරාන් ප්රනාන්දුට පමණක් වෛරසය ආසාදනය වී තිබෙන බවයි පරීක්ෂණයෙන් තහවුරු කර ඇත්තේ. ඒ ඔහුට ඉකුත් අප්රේල් මාසයේදී වෛරසය ආසාදනය වී ඇති බවට පළමුව තහවුරු වී තිබුණා.

චමින්ද වාස් සහ ඉසුරු උදාන ඊයේ සිදුකළ PCR පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබුණා.

මේ අතර බංග්ලාදේශය සහ ශ්රී ලංකාව අතර පළමු එක්දින තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීමට නියමිතව තිබෙනවා.