ණය ගෙවීමට නොහැකි වීම නිසා මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව – [VIDEO]

මේ වසරේ ආසියානු ඩොලර් බැඳුම්කරවල ඉහළම ප්‍රතිශතය රාජ්‍ය ණය ප්‍රමාණය වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය මෙතෙක් පැවති දරුණුතම අවපාතයකට මුහුණ දෙමින් සිටී. පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5 ක වටිනාකමින් යුත් මුදල් හුවමාරු මාර්ගයක් චීනයෙන් ලැබුණු අතර, රජයට සිය ණය ගෙවීමට නොහැකි වීම නිසා බරපතල තත්ත්වයක් හට ගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු නොවී මූල්‍ය පහසුකම් සපයාගැනීමට ශ්‍රී ලංකා රජය චීනය මත යැපීම රට තුළ අර්බුදයක් ඇති කිරීමට ඉඩ කඩ තිබෙන බවකි. විදේශ සංචිත ඩොලර් බිලියන 2.9 දක්වා පහත වැටීම, ජීවන වියදම ඉහළ යෑම සහ ආහාර අර්බුද ඇතිවීම ඉන් වැදගත්ම කරුණයි.

මේ අතර, දේශපාලන විශ්ලේෂක රසික ජයකොඩි මහතා අවධාරණය කළේ චීනය ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් තම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන බව බහුතරයකගේ සාමාන්‍ය මතය වී ඇති බවයි. එමෙන්ම, ඕනෑම විදේශ බලවේගයක් රට තුළ තම අධිකාරී බලය ස්ථාපිත කිරීම සඳහා ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික යන සියලු උපක්‍රම භාවිත කරන බවද අවධාරණය කරමින් කියා සිටී.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට තර්ජනයක් වන Covid-19 වසංගත තත්ත්වය යලි හිස එසවීමත් සමඟ, එය ඩොලර් බිලියන 1 ක් ඇතුළුව 2022 ජූලි අවසානයට පෙර අවම වශයෙන් ඩොලර් බිලියන 2.5 ක බැඳුම්කර ආවරණය කළ යුතු බැවින් ශ්‍රී ලංකාව ක්‍රම කිහිපයකින් මෙම අර්බුධයට විසඳුම් සෙවීමට උත්සාහ කරයි.