තෙදින නිල සංචාරයකින් අනතුරුව පාකිස්ථාන නාවික හමුදාවට අයත් ” සෛෆ් ” නෞකාව කොළඹ වරායෙන් පිටත් වෙයි

2024 ජනවාරි 30 සිට පෙබරවාරි 01 දක්වා සාර්ථක තෙදින නිල සංචාරයකින් පසු
පකිස්ථාන නාවික හමුදාවට අයත් “සෛෆ්” නෞකාව කොළඹ වරායෙන් අද පිටත් විය. මෙහිදී ශ්‍රී ලංකා නාවික හමුදා විසින් සම්ප්‍රදායානුකූලව සමුගැනීමේ උත්සවයක් ද
සංවිධානය කරන ලදී.

මෙම සංචාරයේදී නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් මුහම්මද් අලි බටහිර බලඇණියේ
අණදෙන නිලධාරියා හමුවිය. පකිස්තාන නාවික හමුදා නිලධාරීන් ශ්‍රී ලංකා නාවික
හමුදාවේ විවිධ ඒකක නැරඹිය අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන
ලද සුහද ක්‍රීඩා උත්සවයකට ද සහභාගී විය. එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා
නිලධාරීන් පකිස්ථාන නාවික හමුදාවට අයත් නෞකාව නැරඹීමටද පැමිණියෝය.

මෙම සංචාරයේ විශේෂත්වයක් ලෙස පකිස්ථාන නාවික හමුදාවට අයත් නෞකාවේ ඊයේ පස්වරුවේ කොළඹ වරායේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට මැති ඇමතිවරුන්, දේශපාලන නායකයින්, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින්,
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ විශ්‍රාමික නිලධාරීන්, ආරක්ෂක
උපදේශකයින්/සම්බන්ධකයන්, පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ
මාධ්‍ය නියෝජිතයින් සහභාගී විය.

මෙහිදී අදහස් දක්වමින් නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් මුහම්මද් අලි පැවසුවේ
පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවක් පවතින අතර මෙම සංචාරය
මිත්‍ර රටවල් දෙක අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික, සංස්කෘතික සහ ආරක්ෂක
සබඳතාවේ සලකුණක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ වැඩබලන පකිස්ථාන මහ කොමසාරිස් වජිඩ් හසන් හෂ්මි මහතා මෙම
අවස්ථාවට සහභාගී වූ අමුත්තන්ට ස්තුතිය පළ කළ අතර දෙරට අතර ද්විපාර්ශ්වික
සබඳතා වැඩිදියුණු වෙමින් පවතින බවත් මෑත කාලීන ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සංචාර
සමෙයට සාක්ෂි වන බවත්, ඓතිහාසිකව අවශ්‍ය අවස්ථාවලදී දෙපාර්ශ්වයම
දෙපාර්ශ්වයටම උපකාර කළ බවත් ඔහු සඳහන් කළේය.

අවසානයේ, පකිස්ථාන – ශ්‍රී ලංකා මිත්‍රත්වය සිහිකරමින් කේක් කැපීමේ උත්සවයක්ද
සංවිධානය කර තිබුණි.