මංගල දා රෑ මනාලයාගේ බෙල්ල කපා මරාදමලා

කොම්පඤ්ඤවීදිය ඩෝසන් පාරේ    පැවැති විවාහ මංගල උත්සවයත් අතර තුර ඇති වු ආරවුලකින් මනාලයා ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.

මෙම ඝාතනය  සම්බන්ධයෙන් මනාලියගේ පළමු විවාහයේ   සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොහාමඩ් ශ්‍යාබිඩීන් (51) නමැති  පුද්ගලයකු වන අතර , ඔහු ත්‍රිරෝද රථ රියදුරෙක් වශයෙන් රැකියාව කර ඇති බවද පොලිසිය පවසයි.

මෙම  පුද්ගලයා  ඊයේ   (16) සිය විවාහය ලියාපදිංචි කර රාත්‍රියේ නිවසේ මංගල උත්සවය පවත්වා ඇති බවත්, මංගල උත්සවය පැවැත්වෙන  අතරතර තුර රාත්‍රි 10.00 ට පමණ මනාලියාගේ කලින් විවාහයේ සැමියා පැමිණ මනාලයා සමග ආරවුල් ඇති කරගෙන  කඩදාසි කපන පිහි තලයකින් ඔහුගේ ගෙල  කපා දමා ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබු මනාමාලයා  කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යනවිටත් මියගොස් ඇති බවට  වෛද්‍යවරුන් දැනුම් දුන් බව පොලිසිය කියයි.

සිද්ධියෙන් පසු සැකකරු   පැනගොස් ඇති අතර අද  පෙරවරුවේ ඔහු  කොමපඤ්ඤවීදිය පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. මනාලිය මොරටුව සොයිසාපුර    ප්‍රදේශයේ පදිංචි (48) හැවිරිදි කාන්තාවක් බවත්,  ඇයට පළමු  විවාහයෙන්   වැඩිමහල් දියණියක් ද සිට ඇති බව පොලිසිය පවසයි.