රඹුක්කන විරෝධයට වෙඩි තියන්න අණ දුන් නිලධාරීන් අල්ලන්න

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාලව අණ දුන් සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණ අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කෑගල්ල මහේස්ත්‍රා වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.

ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේදී ඉකුත් 19 වැනි දා පැවැති විරෝධතාවකදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 41 හැවිරිදි දෙදරු පියකු වූ චමින්ද ලක්ෂාන් නමැත්තෙක් මිය ගියේය.