රුසියාව සහ යුක්රේනය අතර ඇතිවූ යුද්ධය නිසා, සංචාරක කර්මාන්තය නැවත වරක් කඩා වැටුණා – [VIDEO]

ශ්රී ලංකාව රුසියානුයුක්රේන යුද්ධයෙන් බලපෑමට ලක් වූ රටවලින් එකකි. යුක්රේන සහ රුසියා යන දෙපාර්ශවයේම සංචාරක ආකර්ෂණය සහිත රටක් නිසා මෙම ගැටුම ලංකාවේ සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපා ඇත.  එපමණක් නොව, රටේ තේ කර්මාන්තයටද  එයින් දැඩි බලපෑමක් ඇතිවි ඇති අතර. රුසියාව ශ්රී ලංකාවේ තේ ආනයනය කරන විශාලතම රටකි, එය ඩොලර් මිලියන 140 කට ආසන්න වෙළඳපොලක් වේ. දේශපාලන විශ්ලේෂකයෙකු වන සිසිර හේවාවසම් මහතා තේ අපනයනය අඩාලවීමෙ ගැටලුව පිලිබඳ කියා සිටියේ එය රටේ වත්මන් විදේශ විනිමය අර්බුදය තීව්ර කරනු ඇති බවයි. මෙම ගැටුමේ ප්රතිපලයක් ලෙස රුසියාවෙ තෙල් සැපයුම අඩාල වීමත් සමඟ, රට තුළ ඇති ඉන්ධන අර්බුදයද උග් වනු ඇති බවද ඔහු පැවසීය. සංචාරක මාර්ගෝපදේශක ශමිලා පෙරේරා පැවසුවේ සංචාරක ව්යාපාරයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත්, යුද්ධය හේතුවෙන් සංචාරක වෙන් කිරීම් සියයට 75 ක් පමණ අවලංගු කර ඇති බවත්ය. මේ හේතුවෙන් කර්මාන්තය යලිත් අසීරු තත්වයකට පත්ව ඇති බව ඔහු පැවසීය.

පසුගිය මාසවලදී, COVID-19 වසන්ගතයේන් පසු සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වීමට පටන් ගෙන තිබුනා. සංචාරකයින් රටට ආදායමක් ලැබෙන අයුරින් සැලකිය යුතු මට්ටමකට ආකර්ෂණය වුනා. අපිත් සතුටින් ජීවත් වුණා. නමුත් රුසියාව සහ යුක්රේනය අතර ඇතිවූ යුද්ධය නිසා, සංචාරක කර්මාන්තය නැවත වරක් කඩා වැටුණා. සන්චාරක වෙන් කිරීම් වලින් 75% ක් පමණ අවලංගු කරලා” යැයි සංචාරක මාර්ගෝපදේශකයෙකු වන ශමිල පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

පහත සඳහන් දිගුවෙන් වීඩියෝව නරඹන්න……..

a24