විදුලිය කපන්නේ කාලසටහනකට

විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බවත් එසේ වුවහොත් කොට්ඨාස හතක් හෝ අටක් ලෙස විදුලිය විසන්ධි කරන බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

සමස්ත රටටම එකවර විදුලිය කප්පාදුවක් නොකරන බව ද විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් අද (19) පෙරවරුවේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම විසන්ධි වී තිබුණි.