“ශ්‍රී ලංකාවේ පාසල් 650 කට ක්‍රිකට් උපකරණ ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් සිදු කරන ලද කැපී පෙනෙන පියවරයකි.” – (SLC) හිටපු උප සභාපති K. මතිවානන් මහතා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට සහ දරුවන්ට ක්‍රීඩාව පුහුණු කිරීමට අවස්ථාව ලබා දීම සඳහා ශ්‍රී ලංකාව පුරා පාසල් 650 කට අධික සංඛ්‍යාවකට ක්‍රිකට් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා දියත් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ තරගාවලි සඳහා ක්‍රීඩා කරන පාසල් සඳහා ක්‍රිකට් උපකරණ ප්‍රදානය කිරීම මෙම වැඩසටහන මගින් සිදු කෙරේ. 19න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන පාසල් පනහක් මෙම වැඩසටහනේ සෘජු ප්‍රතිලාභීන් වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපති කේ. මතිවානන් මහතා මෙම පියවර “විශිෂ්ට” බව පැවසූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර ද මෙවැනිම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දුන් අතර පාසල් ක්‍රිකට් උපකරණ මිලදී ගැනීමට නොහැකි පාසල් සිසුන්ට මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් බව සඳහන් කළේය.

“ශ්‍රී ලංකාවේ පාසල් 650 කට ක්‍රිකට් උපකරණ ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් සිදු කරන ලද කැපී පෙනෙන පියවරයකි. මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාසල් ක්‍රිකට් භාරව ඉන්නකොටත් අපි පාසල්වලට මේ වගේ පරිත්‍යාග කළා, මොකද සමහර පාසල්වලට උපකරණ මිලදී ගැනීමට නොහැකි නිසා. කොහොමටත් සමහර පාසල් අඩු වරප්‍රසාද ලත් පාසල්. ඒ නිසා, මෙය හොඳ දෙයක්, මම බලාපොරොත්තු වෙනවා ක්‍රීඩාවට ප්‍රමිතියක් ඇති කර ගැනීමට මෙමඟින් හැකි වේවි.” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) හිටපු උප සභාපති K. මතිවානන් මහතා A24 ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේදී මේ බවට අදහස් පල කර තිබේ.

වීඩියෝව නැරඹීම සඳහා පහත සඳහන් දිගුව වෙත පිවිසෙන්න…

A24