“සූර්ය ඒකක යොදලා අපි මේක භාවිතා කෙරුවොත් මේ වාහන වලින් එන ප්‍රතිලාභය රටට අතිමහත්” – මිරිංචිගේ [වීඩියෝ]

පිරිවැයකාර්යක්ෂම ප්රතිලාභ නිසා විදුලි මෝටර් රථ බොහෝ දෙනාගේ ප්රියතම විකල්පයක් වූවද, නිසි ආරෝපණ පහසුකම් නොමැතිකම සහ සාපේක්ෂව එය තවමත් රට තුළට හඳුන්වා දෙමින් පවතින නව තාක්ෂණයක් බැවින් ශ්රී ලාංකිකයන්ට තවමත් ඉලෙක්ට්රික් වාහන තෝරා ගැනීම දුෂ්කර කාරණයක්ව පවතී. බොහෝ රටවල්, විශේෂයෙන්ම ආර්ථික වශයෙන් සංවර්ධිත රටවල්, ඉලෙක්ට්රික් වාහන වලට පරිවතනය වීම සඳහා අවශ් පියවරයන් ගනිමින් සිටී. ශ්රී ලංකාවට එහි පිහිටීම නිසා සූර්යාලෝකයෙන් නිසි ප්රයෝජනයට ගැනීමට හැකි වනු ඇත. එමෙන්ම, සූර්ය බලය භාවිතයෙන් මෝටර් රථ ආරෝපණය ගත හැකි බැවින් ඉන්ධන පිරිවැය අඩු කර ගැනීමට හැකි වනු ඇති බවට ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මිරිංචිගේ මහතා පෙන්වා දෙයි. එමෙන්ම, ශ්රී ලංකාව තුළ ඉලෙක්ට්රික් මෝටර් රථ ප්රවර්ධනය කරන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. ප්රධාන වශයෙන්ම මෙය ශ්රී ලංකාවේ තත්ත්වයට ගැලපෙනවාද නැද්ද යන්න පිලිබඳ ගැටළුව පැන නගින බවට සමස්ථ ලංකා කුඩා කර්මාන්ත සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා පෙන්වා දෙයි. විදුලි මෝටර් රථ සඳහා ප්රමාණවත් ආරෝපණ මධ්යස්ථාන රට තුළ නොමැතිකම ශ්රී ලාංකිකයන්ට මුහුණ දීමට සිදු වනු ඇති ගැටළුවක් බවට පෙන්වා දෙමින් ඔහු සිය කනස්සල්ලට පල කර තිබේ. විදුලි මෝටර් රථ සඳහා බදු අඩු කරන බවට ජනතාවට සහතික වෙමින් රජය දක්වන උනන්දු සත් වූවද, ප්රධාන සැපයුම් ගැටළු මේ සියල්ලට පෙර විසඳිය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

සාමාන්යයෙන් ඉලෙක්ට්රික් වාහනයක බැටරිය ගණන් වැඩි නිසා සාමාන් වාහනයකට වැඩිය පිරිවැය වැඩියි. එක අපි කොහොමද දරන්නේ කියන එකටයි අපි උත්තරය සොයාගත යුත්තේ. අද මේ තියෙන රටේ තත්ත්වයත්, වාතාවරණයත්, විදේශ මුදල් සංචිත ප්රශ්නයත් එක්ක කොහොමද මේකට මුහුණ දෙන එකයි අපි සිතිය යුත්තේ. ඇත්තටම කියනවානම්, මා සිතන්නේ දීර්ඝ කාලීනව සිතුවොත්, හරි කළමණාකාරිත්වයකින් රජයත් මේ ගැන නිසි කළමණාකාරිත්වයකට ගෙනාවොත් මේ වාහන ආනයනයේදී බදු ගැන රජයට හිතන්න බැහැ. එතනින් එහාට අපි අවුරුදු පහක් විතර හිතද්දී අපේ මේ ලංකාවේ තියෙන පිහිටීමත් එක්ක, හැමදාම හිරු එලිය තියෙන රටක්, අපි සූර්ය තාපයෙන් විදුලි උත්පාදනය කරන්න නිවාසවලට 

සූර්ය ඒකක යොදලා අපි මේක භාවිතා කෙරුවොත් මේ වාහන වලින් එන ප්රතිලාභය රටට අතිමහත්ය. මොකද, සාමාන්යයෙන් මේ ඉන්ධනවලට යන වියදම, දැන් අපි කියමුකෝ අපි මේ ඉන්ධන ආනයනය කරනවනේ. ඉතින් අපි මේ ස්වභාවික පරිසරයෙන් ගන්න පුළුවන් දෙයක් තමයි මේ සූර්ය තාපය, අපිට නිකන් ලැබෙන්නේ, තුලින් තමයි අපිට වාහන ධාවනය කරන්න පුළුවන්. අන්න තාක්ෂණයත් එක්ක තමයි අපි මේ ඉලෙක්ට්රික් වාහන ඉස්සරහට ජනප්රිය කරන්න ඕනේ.”

වගේම තමයි අපේ මේ බදු විෂමතාවයක් තියෙනවා. මේ අවුරුද්දක් විතරයි මේ වාහනවල මිල අඩුවෙන්නේ, මේක තුන දක්වා අඩුකරන්න ඕනේ. වගේම මීට වඩා අඩු ප්රමාණයක් අඩු කරලා මුදල්, දැන් මන් දන්නවා මේ ළඟදීම ලෝකයේ විවිධ දියුණු රටවල් දිරිගැන්වීම සඳහා පෙට්රල් වාහන සඳහා වැඩි බද්දක් ලියාපදිංචියේදීත්, හයිබ්රිඩ් වාහන සඳහා නැවත මුදලක් ලබා දීමක් කරනවා. ඉතින් රජයවුනත් මේ වගේ වාහන යම්කිසි බද්දක් අරන් සෝලර් යුනිට් එකක් හයි කරනවානම් මේ වගේ වහනයක් ගෙන්වපු කෙනෙකුට රජය විසින් ආනයනයට ගන්න බදු මුදල නැවත ලබා දීල නිවාසවලට මේ වාහනය ධාවනය සඳහා දිරිගන්වන්න ඕනේ. වගේ දිරිගැන්වීම් ක්රම හදන්න ඕනේ. එකයි මන් කියන්නේ ක්රමවේදයක් හදන්න අවශ්යයි කියලා.” යනුවෙන් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මිරිංචිගේ මහතා මෙලෙස අදහස් දැක්වීය.

වීඩියෝව පහත දිගුවෙන් නරඹන්න …

A24