(Moderna) එන්නත් මාත්‍රා මිලියන 1.5 ක් ඇමරිකාවෙන් පරිත්‍යාග කරයි – A24 ප්‍රවෘත්ති ඒජන්සිය [VIDEO]

එක්සත් ජනපදය විසින් මෝඩර්නා (Moderna) COVID-19 එන්නත් මාත්‍රා මිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත. COVAX හරහා ලබා දෙන මෙම එන්නත් මගින් ජීවිත බේරා ගත හැකි අතර කොරෝනා වෛරස් වසංගතය අවසන් කිරීමට අත්‍යවශ්‍ය COVID-19 එන්නත් ආවරණය මේ හරහා ලංකාවේ වැඩි කරනු ඇත.

“ගෝලීය වසංගතය අවසන් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය දක්වන කැපවීම සහ ශ්‍රී ලංකා ජනතාව සමඟ අපගේ නොනවතින හවුල්කාරිත්වයේ කොටසක් ලෙස මෙම එන්නත් ශ්‍රී ලංකා රජයට කිසිඳු අයකිරීමකින් තොරව ලබා දීමට කටයුතු කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන මිත්‍රත්වය පිළිබිඹු කිරීම සඳහා අප විසින් ලබා දෙන ත්‍යාගයක් වන ශ්‍රී ලාංකිකයින්ට නැවත රැකියාවට යාමට සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට මේ හරහා හැකි වනු ඇති බවට.” ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමරිකා එක්සත් ජනපද තානාපති Alaina Teplitz මහත්මිය ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“මෙම එන්නත් ලබා දීම සඳහා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය, යුනිසෙෆ් (UNICEF) ආයනතනය සහ අනෙකුත් ගෝලීය COVAX හවුල්කරුවන් සමඟ අපගේ හවුල්කාරිත්වය වසංගතය පාලනය කිරීම, නව ප්‍රභේදයන් මතුවීම මන්දගාමී කිරීම සහ ගෝලීය ආර්ථිකය නැවත ආරම්භ කිරීමට උපකාරී වනු ඇති බවට ද.” තානාපති Teplitz වැඩි දුරටත් සඳහන් කර තිබේ.

A24 ප්‍රවෘත්ති ඒජන්සිය