“පකිස්තානය කියන්නේ එදා පටන් අද දක්වා අඛණ්ඩව ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලීව කටයුතු කර තිබෙන රටක්” – මන්ත්‍රී කලිලුර් රහමන්

ශ්‍රී ලංකාව පකිස්ථානය අතර පවත්නා ඓතිහාසික සබඳතා ශක්තිමත් කිරීමක් වශයෙන් තවත් වැඩසටහනක් කොළඹ මාලිගාවත්ත ප්‍රදීපා ශාලාවේදී පැවැත්වුණා.

මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වී තිබුනේ ශ්‍රී ලංකාවේ වත්මන් පකිස්තාන මහකොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි මහතාය.

මෙම වැඩසටහන ආරම්භයේදී ශ්‍රී ලංකාවේ මෙන්ම පකිස්තානු ජාතික ගී ගායනය කරනු ලැබුවා.

“ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දීර්ඝ කාලයක් ඓතිහාසික මිත්‍රශීලි සබඳතා ශක්තිමත්ව ස්ථාපිතව තිබෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය උපකාර ලබාදීමට අපි රටක් ලෙස සෑම විටම කැපවී සිටිනවා. සකාත් (Zakath) සහ සදාකා (Sadaka) වශයෙන් මුස්ලිම්වරු වශයෙන් අපිට දුගී ජනයාට සහාය දීම සඳහා ආගමික වශයෙන් විවිධ මගපෙන්වීම් ඉස්ලාම් දහමෙන් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. එම නිසා, ඇති අය නැති බැරි යට මෙවැනි අවස්ථාවන්වලදී අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු.” බවට එම අවස්ථාව අමතමින් ශ්‍රී ලංකාවේ වත්මන් පකිස්තාන මහකොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි මහතා ඉස්මතු කරමින් පෙන්වා දී තිබේ.

අනතුරුව පකිස්තාන මහකොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි මහතා මාලිගාවත්ත ප්‍රදේශයේ ආර්ථික අර්බුධයන්ට මුහුණ දෙමින් සහ වත්මන් අර්බුධයෙන් පීඩා විඳිමින් සිටින පවුල් කිහිපයකට අවශ්‍ය වියළි අහර තොගයක් මෙලෙස ලබා දිමට කටයුතු කර තිබුණා.

තවද, මෙම වැඩසටහන මුස්ලිම් සංස්කෘතික අංගයකින් ද අලංකාරවත් කිරීමට සංවිධාකයින් අමතක කර තිබුනේ නැහැ.

මෙම වැඩසටහන සඳහා පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රජා කටයුතු පිලිබඳ නියෝජිත ෆයිසාල් අලි ඛාන් මහතා, පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරීණී කුල්සුම් කයිසර් මහත්මිය යනාදී තවත් ප්‍රාදේශීය දේශපාලකයින් මෙන්ම ප්‍රදේශයේ ජනයාද සහභාගී වී තිබුනා.

“පකිස්ථානු මහකොමසාරිස් කාර්යාලය මගින් රට පුරාවට තිබෙන විවිධ සංවිධානයන් හරහා තමයි මෙම වියළි අහාර බෙදා දීමේ වැඩසටහන දියත් කර තිබෙන්නේ. පකිස්තානය කියන්නේ එදා පටන් අද දක්වා අඛණ්ඩව ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලීව තමයි කටයුතු කර තිබෙන්නේ. පකිස්තානය කිසිම දිනෙක අපේ රටේ අභ්‍යන්තර දේශපාලනයට කිසිඳු මැදිහත්වීමක් කර නැහැ, නමුත් මිතුරු වෙසින් සිටින අනෙකුත් රටවල් එහෙම නැහැ. ඔවුන්ගේ විවිධ සතුරුකම් තියෙනවා. පකිස්ථානය තුල නොයෙකුත් බෞද්ධ සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්ථානයන් තවමත් ආරක්ෂා කරමින් තිබෙනවා. උතරු නැගෙනහිරත් මෙවැනිම වැඩසටහන් පකිස්ථානු මහකොමසාරිස් කාර්යාලය මගින් දිගටම සිදු කරනවා. අපි එය අගය කල යුතුයි.” කොළඹ මහා නගර සභා මන්ත්‍රී කලිලුර් රහමන් මහතා මෙසේ පැවසීය.

වීඩියෝව නැරඹීම සඳහා පහත දිගුවට පිවිසෙන්න …